Tuesday, March 19, 2013

සිහින සැබෑ වෙයි



          කාලෙකට කලින් ඉදන් මගෙ හිත ඇතුලෙ ලොකුම හීනයක් තමයි කොහොම හරි මගේම කියලා දෙයක් පටන් ගන්න.එක එක විනෝදාංශ තිබුන වුනත්,ඒ එකක්වත්  රස්සාවත් එක්ක කරගෙන යන්න වගේම තනියම කරන්නත් අපහසු වීම හීනෙ හැබෑ වීම පසු පසට දාලයි තිබුනෙ.ඒ වගේම තමා බ්ලොග් ලෝකේ කට්ටියම අදුරන බට්ටි කෙල්ලගෙත් හීනෙ රස්සාව අස්සෙ අතරමන් වෙවී තිබුනෙ.

                අහම්බෙන් දවසක  බට්ටිගෙ පින්තූර අතරෙ තිබුන පේපර් ක්විලින් (paper qulling) දැක්කෙ නැත්නම් අපි දෙන්නගෙම හීනෙ තව ගොඩ කාලයක් ඉෂ්ට නොවෙන්න ඉඩ තිබුනා.ඒ පින්තූර නිසා ඇතිවුන ආසාවෙන් කාඩ් එකක් දෙකක් හැදුවට ව්‍යාපාරයක් කරන්න මහ ලොකු අදහසක් ආවෙ නෑ.

                ඒ අදහස දෙතුන් පාරක්ම මගෙ හිතට ලොකුවට ඇතුල් කරලා, කලින් දාපු හැම නමක්ම කැතයි කියලා අයින් කරලා, සිව්මාන කියන ලස්සන නම දාලා දුන්නෙ අපේ උදිත. ඒ වගේම බ්ලොගේ උඩම තියෙන ලස්සන බැනර් එක හදලා දුන්නෙ මාධව.ඒ දෙන්නටම අපි දෙන්නගෙන් තුති මල් මිටක්.

                  ඉතිං බට්ටියි, නිසුයි කියන අපි දෙන්නා මෙතැන් පටන් තුන් වැනි මානයකින් එහාට ගිය නිර්මාණශීලීත්වයක් අරගෙන ඔයාලා ගාවට එනවා.  උපන්දින සුභ පැතුම් පත් වගේම ඕනෑම ආකාරයක සුභ පැතුම් පත්, මංගල ඇරයුම් පත් වගේම ඕනෑම ආරාධනා පත්, ඒ විතරක් නෙවෙයි  අවශ්‍ය නම්    මංගල කේක් පෙට්ටිත්    අලුත්ම ආරකට, සහන මිලකට ලබා දෙන්න අපි දෙන්නා සූදානම් වෙමින් ඉන්නෙ.

එහෙනම් එන්න අපිත් සමඟ සිව්මානයට යන්නට.


73 comments:

  1. මමත් කිව්ව හරිය. හදල විකුණපන් කියල.

    අති සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනව...
    අපිත් පුළුවන් සප් එකක් දෙන්නම්කො. :)

    ReplyDelete
    Replies
    1. හි හි ඔයා කිව්වානම් තමා.ඒත් ඉතිං උදිත තමා හැම වෙලේම කෑ ගෑහුවෙ.

      ස්තූතියි මාධව. අනිවා ඕනෙ වෙනවා. :)

      Delete
  2. අපි පාර්ථනා කර්නවා ඉත සිතින් පට්න් ගත් වැඩේ සාර්ථක වේවා කියලා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතුරංග....

      Delete
  3. Replies
    1. ස්තූතියි රෙප් අයියේ...

      Delete
  4. සිතු පතු සියල්ල ඒ අයුරින් කර ගැනීමට හැකි වේවායි මන් හද වතින්නම සුබ ප්‍රාර්ථනා කරනවා...(අනු...)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අනූ..... :)

      Delete
  5. බට්ටි කියන්නෙ ඉතාම නිර්මාණශීලී කෙනෙක් . ඔයාට මේ ලෝකයට බොහෝ දේවල් දෙන්න පුලුවන් . ඒ හැකියාව හැමෝටම පිහිටලා නෑ . ඒ උනත් ඔයා වගේ කෙනෙක්ට කාගේ හෝ උදව්වක් ඕනෙ ඉදිරියට යන්නට . නිසූ හොඳ යෙහෙලියක් . ඔබලා දෙන්නගේ මේ අලුත් ව්‍යාපාරයට මම මගේ අවංක සුභ පැතුම් සමඟ ආශිර්වාදය පිරිනමනවා .
    …ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගිම්... ඇත්තම කිව්වොත් අපි දෙන්න අපි දෙන්නටම උදව් කරගන්නවා. තනියෙමනම් මට කවදාවත් මේක කරන්න වෙන්නෙ නෑ.

      Delete
  6. අලුත් වැඩේ කිරිගහට මෝල් ගහෙන් ගැහුව වගේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන් .... :)

      Delete
  7. මම වෙඩිං ලිපි ලියනකොට මේවාට නොමිලේ ඇඩ් දෙන්නම්!!! :D සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න හරි නීනුවෝ... පින් සිදු වේවා ඈහ්.... :)

      Delete
  8. සිවුවෙනි මානයට උණුසුමු සුභ පැතුම්. මේ ඇරඹුම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියන්ත අයියා.

      Delete
  9. වැඩේ ඉහලින්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මරණෙ.... :)

      Delete
  10. අනිත් පාර බඳිනකොට බොලාගෙන් පෙට්ටි ටිකක් ගන්නම් කෝ....
    ජය වේවා...!!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්.... වෙඩින් කාර්ඩ් ටිකත් ගමු... :)
      ස්තූතියි.

      Delete
  11. එලකිරි. ඉස්සරහට් අපිටත් ඔයා ජාති කීපයකම කාඩ් ඕන වෙයි. අපේම මනුස්සයෙක් ඒකට බැස්ස එක ගැන සන්තෝෂයි :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙම් මල්ලි. අපි කරලා දෙන්නම් :)

      Delete
  12. ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete
  13. බට්ටි නංගිගෙත්, නිසූගෙත් සැබෑ වූ සිහිනය පාට පාටින් හැඩ වේවා... ජීවිතේ සැබෑවූ අනගිම සිහිනයක් වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තරුරසී.... :)))

      Delete
  14. මගෙත් සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයෝ...

      Delete
  15. jayen jaya wewa akkala 2natama..apith puluwan uparimayen sahayogaya dennam..:)

    -pradee

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රදී නංගී....

      Delete
  16. පුංචි කාලේ ඉදලම අත්කම් වලට හුගක් ආසකලා ඒවගේම අනිත් අය හදන ඒවට හුගක් ආදරේ කලා. කවුරු හරි කොහේ හරි මොනවා හරි අලුත් දෙයක් හදලා තිබුනොත් මම ගෙදර එන්නේ ඒක ඉගෙන ගෙනම තමයි.
    එකපාරක් උඩහ ගෙදර චූටි අයියට ලස්සන මල් පොකුරක් දීලා තිබුණා ගෑනු ළමයෙක්. දැන් මට ඔය මල් ටික හදන්න ආසම ආසයි. නිකන් බැලුවට තේරෙන්නෙම නෑ. එහෙම තේරෙන්නෑ කියලා වැඩේ අත අරින්න හිත දුන්නෙම නෑ.කෙල්ල දීපු දේ නිසා ගෙදර අයටත් අල්ලන්න නොදී එයා මේක පරිස්සන් කලේ. කොහොම හරි එයා නැති වෙලාවක් බලලා මම ගියා එහේ. එයාගේ අක්කයි අම්මයි හිටියා ගෙදර. දැන් ඉතිං මට ඕනි මේ මලක් ගලවලා බලන්න. කෝ ඒ දෙන්නත් ඒකට ඉඩ දෙන්නෑ.චූටි මහත්තයෙගෙන් බැනුම් අහන්න වෙයි කියලා.කොහොමින් කොහොම හරි දෙන්නව යාන්තන් ෂේප් කරලා එක මලක එක පෙත්තක් විතරක් ගැලෙව්වා. ඒ පෙත්ත ගලවලා කොහොම හරි හදපු විදිය අල්ල ගත්තා. ආයෙම ඒ පෙත්ත තිබුණ විදියටම හදලා ෂේප් එකේ චූටි අයියට නොදැනෙන්න තියලා තිබ්බා. ඊට පස්සේ ඒ මල් මම ගෙදර හැදුවා. මල් 20 එක බංඡ එකක් රු. 120 ගානේ ගමේ හුග දෙනෙකුට විකුණුවා. එතකොට නම් ඉතිං වැඩේ ලීක් වෙලා.මොකද චූටි අයියා කොහොම හරි දැන ගත්තා මම එයා ලග තිබුණ මල් වලින් තමයි මේක පුරුදු උනේ කියලා.හැබැයි මුකුත් කිව්වෙ නෑ.
    ඔය විදියට පිස්සුවෙන් වගේ ඉස්කෝලෙ යන කාලේ ඉදලම එක එක අත්කම් හැදුවා. කිසිම දවසක උපන්දින සුභ පැතුමක්, වෙසක් කාඩ් එකක් ,ගුරු දිනේට ගුරුවරුන්ට දෙන සුභ පැතුම් පතක් කඩෙන් අරන් නෑ.හැම දේම මගේ අතින්ම හදලා තෑගි කලා. ඒ කාඩ් එක ලැබෙන කෙනා තැන්කිව් බට්ටි කියනවට වඩා ලස්සනයි බට්ටි , ලස්සනයි සුගන්ධි (හේ හේ ඔන්න බට්ටිගේ ඇත්ත නම තමයි සුගන්ධි) කියනවා අහන්න ආස කලා. උසස් පෙළට හදන්න ඕනි කේවල ව්‍යාපෘතියටත් මම කලේ '' ශාක පත්‍ර හා මල් ආශ්‍රිත බිත්ති සැරසිලි".
    ජොබ් නැතුව ගෙදර ඉන්න කාලේ කාඩ් හදලා ඉස්කෝලෙ ළමයින්ට විකුණුවා. හැබැයි ලොකුවට නෙවෙයි පුංචියට. ඉතිං මගේ හිතේ ලොකු හීනයක් තිබුණා. අත්කම් වලින් මගේම කියලා දෙයක් කරන්න. කරන රැකියාවට පැය 11.30 ක් 12 ක් විතර යට කරන්න වෙන නිසා ඒ සිහිනය තව තවත් දුර ගියා.ඒ සිහිනයට එහෙම වෙද්දි තමයි නිසුපා අක්කා ඒෆෝ පටි කපන මැෂින් එකක් මට තෑගි කලේ. ඉතිං අයෙම ඒ හිනෙට අවදි උනා. ඉතිං මගේ හිනේ ගැන මම නිසුපා අක්කට කිව්වා. අපි දෙන්නා එක්ක එකතුවෙලා මෙහෙම දෙයක් පටන් ගනිමු කියලා. මම ගෙනාපු යෝජනාවට අක්කා කැමති උනා. ඉතිං බට්ටිගේ හිනෙට නිසුපා අක්කා අත්තට දුන්නා.
    ඉතිං අලුත් අවුරුද්දෙන් පස්සෙ මගේ ජීවිතේ වෙන අලුත් වෙනසත් එක්ක මේ වැඩ වලට හුගක් කාලය යොදවන්න පුළුවන් වෙයි. ඉතිං නිසුපා අක්කගෙයි මගෙයි හීනෙ හැබෑ කරගන්න ත්‍රිමාණයෙන් ඔබ්බට ගිය නිර්මාණශිලිත්වයක් කරා යන්න අපි සූදානම්.
    මුල්ම ලිපියත් එක්ක එකතුවෙලා අපිව දිරිමත් කරන්න වචනයක් හරි ලියල ගිය ඔයාලා හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි. ඒවගේම ඔයාලා හැමදාම අපි එක්ක ඉදී කියලා විශ්වාස කරනවා. තව අය අපිත් එක්ක අත්වැල් බැදගනී කියලා විශ්වාස කරනවා.
    ඉතිං බට්ටිගේ සයිබර් ජීවිතේ අවුරුදු දෙකේම බට්ටි එක්ක හිටිය යාළුවෝ හැමෝටම බට්ටි මහ හුගක් ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. උත්සාහවන්ත කෙල්ලෙක්. :)
      ඔන්න හීනෙ හැබෑ වෙන්න යන්නෙ. ;)

      සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවි. මේක. විවිධාකාරයේ අලුත් අලුත් නිර්මාණ එලිදක්වන්නට පුළුවන් වේවා!!!

      Delete
    2. ඔයයි මායි දෙන්නම එකම බෝට්ටුවෙ බට්ටියෙ. මාත් උසස් පෙළ කේවල ව්‍යාපෘතියට කලේ "ප්‍රෙස් මල් කලාව" කියලා. ගහට ගහක් මුන ගැහෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති. ^_^

      Delete
    3. ස්තූතියි මාධව .... ඔයත් අක්කගෙයි මගෙයි හීනේ හැබෑ කරන්න වෙහෙසුනානේ...

      නිසුපා අක්කෝ අපි අර පිරුළ මේම වෙනස් කරමුද '' ගහට ගහක් නෙට් එකේදි හමුවේ " කියලා.. :D

      Delete
  17. නිර්මානශීලීබව කියන්නේ අපේ ඇඟ ඇතුලේ හැංගිලා තියන දෙයක්. ඒක එලියට අරගෙන ඒ මගින් කාටහරි වැඩක් වෙන අපිටත් ආදායමක් උපයාගන්න හැකි මෙන්න මේ වගේ වැඩකට හදවතින්ම සුබ පතනවා මම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියා. අපතේ දාන්න ඕනෙ නැති නිසාම තමා හැකියාවෙන් වැඩක් ගන්න හිතුවෙ. :)

      Delete
  18. ඇති යන්තන් කියන දේ අහල තියනවා !!
    සුබපැතුම් බට්ටියෝ !!

    ReplyDelete
    Replies
    1. බට්ටිට විතරද සුභ පැතුම් :P කමක් නෑ ස්තුතියි හොදේ...

      Delete
  19. ශා . . නියමයිනේ . .

    මම නම් මේ වැඩේට මාර කැමතියි . .

    සහජ නිර්මාණශීලීත්වයක් තියෙන අය ඒ නිර්මාණශීලීත්වය උපයෝගී කරගෙන තමන් වින්දනයක් ලබන ගමන් ඒකෙන් ආදයමක් ගන්නත් පටන් ගන්න ඕන.

    ඒක මහා පරිමානයෙන් ම කරනන් ඕනෑ නෑ . .

    අද ඉන්න මහා පරිමාන ව්‍යාපාරිකයෝ ඔක්කෝම වගේ එදා සුලුවෙන් ආරම්භ කරපු අය . . .

    මගේ හදවතින්ම උඹලා දෙන්නට සුභ පතනවා නංගිලා (උඹලා කිව්වේ හිතවත් කමට හොඳේ).

    ඒ වගේම දන්න අඳුනන අයගේ ඕර්ඩර්ස් අරන් දෙන්නත් උත්සාහ කරන්න පුලුවන් උඹලගේ වැඩ වල සාම්පල් එහෙම බලන්න පුලුවන් විදිහක් තියෙනවන්නම්

    ජය වේවා . . . !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සාම්පල් බලාගත්තැකි. මෙයාල ඔන්ලයින් ශොප් එකක් දානවලුනෙ.
      ඇඩ්වර්ටයිසිං කැම්පේන් එකකුත් වෙනමම කරනවලු.

      Delete
    2. බොහොම ස්තුතියි අයියේ. බුකියෙ උපදෙස් ටිකටත්, දිරි ගැන්විම් වලටත් ගොඩක් ස්තූතියි...

      Delete
  20. සුභ පැතුම්...

    ජය වෙවා!!!

    ReplyDelete
  21. නිර්මාණශීලී නව මඟ වෙනුවෙන් මගේ සුබ පැතුම් ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් අයියා....

      Delete
  22. පරක්කු වෙලා හරි මෙන්න මගෙනුත් බට්ටිටයි නිසූවටයි සුභ පැතුම්... පුළුවන් උදව්වක් තිබුනොත් කරන්න බලන්නම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාරයා අයියේ. පරක්කුවක් නෑ. :)

      Delete
  23. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රජතුමනි.ස්තූති වේවා.

      Delete
  24. හැමදාම ප්‍රාර්ථනා කළේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වේවා කියලා.... ඉතිං මේත් යහපත් සිතුමක්... පැතුමක්..

    වැඩි වැඩියෙන් කාර්යය බහුල වේවා නිසූ බට්ටි දෙන්නම!!!!

    ReplyDelete
    Replies
    1. තව එක දෙයක් කියේ නිසූපො... අර  ඔයාගෙ ජුවලරි වැඩේ.. ඒකත් මේකට එකතු කරගන්ඩෝ....

      Delete
    2. ඔව් ඔව්. කාඩ් විතරක් නෙමෙයි, ආභරණ, මල් සැරසිලි.... තව දේවල් ගොඩායි. :)

      Delete
    3. ස්තුතියි තනෝජා අක්කේ.හිර වුනොත් උදව්වට එන්න ඈ...

      ඒක කරන්න ටිකක් අමරුයි අක්කේ.බලමු තව බඩු ගන්න ඕනෙ ඒකට.

      Delete
    4. මාධව අම්මෝ වැඩි වැඩ දාන්න එපෝ....

      Delete
    5. අපොයි මට බයත් හිතෙනවා නිසුපා අක්කෝ...මේ මාධවගෙන් නම් ලේසියෙන් බේරෙන්න බෑ නේද ?

      Delete
    6. අලුත් අදහස් දාන්න දාන්නනෙ ක්‍රියාත්මක කරන්න පුළුවන්, වඩාත් හොඳ අදහස් ප්‍රමාණයත් වැඩි වෙන්නෙ.

      Delete
    7. එහෙම යාළුවො ඉන්න එකට සතුටු වෙන්ඩෝ.....

      Delete
    8. අන්න දැක්කනෙ. තනෝජට තේරුනා අපේ වටිනාකම. :)

      Delete
  25. සුභ පැතුම් වේවා ඈ!!!
    නාඩියාගේ වෙඩින් කාඩ් එකයි....කෙක් පෙට්ටි ටිකයි හරි එහෙනම්!
    මනමාලියෙක් හම්බ උන ගමන් ඕඩර් එක එවන්නම්... :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නාඩියෝ... වැඩි කල් ගන්න එපා ඈහ්....

      Delete
  26. පරක්කු උනා සුභ පතන්න එන්න.ඔන්න මගෙන් උණුසුම් සුභ පැතුම්. උදව්වක් එහෙම ඕනෙ නම් ඉල්ලන්න හොඳේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලකියෝ.... අනිවා ඉල්ලනවා. කලින් හිතන් හිටියෙ උබවත් මේකට ගන්න කියලා. මට සජිතගෙන් බැනුම් අහන්න වුනොත් කියලා නිකන් හිටියා. :)

      Delete
  27. අළුත් වැඩක්....බලමු....
    ස්තුතී දැනුවත් කලාට බට්ට්..

    ReplyDelete
  28. හොඳ වැඩක්.. ජයෙන් ජයම වේවා.. බිස්නස් වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
  29. ඔයා ලස්සන නිර්මාණ ටිකක් කරල ඒව බ්ලොග් එකේ දාන්න. එතකොට බලන කෙනෙක්ට බලල අදහසක් අරගෙන, ඔයාල ලඟට එන්න පුලුවන්.

    මට මේ දේ මේ විදියට ඕනෙ කියන අදහස හිතේ ඇතිවෙනවනෙ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. ඔව් ඔව්. සාම්පල් සහ ප්‍රොඩක්ට්ස් දානව ශෝ කේස් එකේ. එතකොට එන අයට කෙලින්ම ඕඩර් කරන්න හෝ කස්ටමයිස් කරල ඕඩර් කරන්න තියෙන්නෙ. :)

      Delete
  30. සුබ පැතුම් ඔයාගේ අළුත් වැඩේට. මටත් ආසාවක් ආව Paper Qulling ගැන නම් :)

    ReplyDelete
  31. ම්ගේ උනුසුමි සුභ පැතුමි! :)

    ReplyDelete