Tuesday, March 19, 2013

සිහින සැබෑ වෙයි



          කාලෙකට කලින් ඉදන් මගෙ හිත ඇතුලෙ ලොකුම හීනයක් තමයි කොහොම හරි මගේම කියලා දෙයක් පටන් ගන්න.එක එක විනෝදාංශ තිබුන වුනත්,ඒ එකක්වත්  රස්සාවත් එක්ක කරගෙන යන්න වගේම තනියම කරන්නත් අපහසු වීම හීනෙ හැබෑ වීම පසු පසට දාලයි තිබුනෙ.ඒ වගේම තමා බ්ලොග් ලෝකේ කට්ටියම අදුරන බට්ටි කෙල්ලගෙත් හීනෙ රස්සාව අස්සෙ අතරමන් වෙවී තිබුනෙ.

                අහම්බෙන් දවසක  බට්ටිගෙ පින්තූර අතරෙ තිබුන පේපර් ක්විලින් (paper qulling) දැක්කෙ නැත්නම් අපි දෙන්නගෙම හීනෙ තව ගොඩ කාලයක් ඉෂ්ට නොවෙන්න ඉඩ තිබුනා.ඒ පින්තූර නිසා ඇතිවුන ආසාවෙන් කාඩ් එකක් දෙකක් හැදුවට ව්‍යාපාරයක් කරන්න මහ ලොකු අදහසක් ආවෙ නෑ.

                ඒ අදහස දෙතුන් පාරක්ම මගෙ හිතට ලොකුවට ඇතුල් කරලා, කලින් දාපු හැම නමක්ම කැතයි කියලා අයින් කරලා, සිව්මාන කියන ලස්සන නම දාලා දුන්නෙ අපේ උදිත. ඒ වගේම බ්ලොගේ උඩම තියෙන ලස්සන බැනර් එක හදලා දුන්නෙ මාධව.ඒ දෙන්නටම අපි දෙන්නගෙන් තුති මල් මිටක්.

                  ඉතිං බට්ටියි, නිසුයි කියන අපි දෙන්නා මෙතැන් පටන් තුන් වැනි මානයකින් එහාට ගිය නිර්මාණශීලීත්වයක් අරගෙන ඔයාලා ගාවට එනවා.  උපන්දින සුභ පැතුම් පත් වගේම ඕනෑම ආකාරයක සුභ පැතුම් පත්, මංගල ඇරයුම් පත් වගේම ඕනෑම ආරාධනා පත්, ඒ විතරක් නෙවෙයි  අවශ්‍ය නම්    මංගල කේක් පෙට්ටිත්    අලුත්ම ආරකට, සහන මිලකට ලබා දෙන්න අපි දෙන්නා සූදානම් වෙමින් ඉන්නෙ.

එහෙනම් එන්න අපිත් සමඟ සිව්මානයට යන්නට.